දළදා මාලිගාවේ පත්තිරිප්පුව හැදුනේ මෙහෙමයි | The story of the Octagonal Pavilion

අද කියන්න යන්නේ ශ්රී දළදා මාලිගාවේ ඉතා දර්ශනීය නිර්මාණයක් ගැනයි. මාලිගාව හදුන්වන්න බොහෝ දෙනා සංකේතය හැටියට යොදාගන්නෙත් මේ ඓතිහාසික නිර්මාණයයි. ඒ තමයි පත්තිරිප්පුව .
ඓතිහාසික සෙංකඩගලපුර ශ්රී දළදා මාලිගයේ ‘පත්තිරිප්පුව’ නිර්මාණයකර තිබෙන්නේ ශ්රී වික්රම රාජසිංහ රජතුමාගේ සමයේදි. රජතුමා පත්තිරිප්පුව හදවන්න කලින් ඒ සදහා සැලසුම් හා ආකෘති කැදවලා තිබුණා. ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව සඳහන්.
මේ අනුව එක් ශිල්පියෙක් ඉදිරිපත් කරපු සැලැස්ම කෙරෙහි තරුණ රජතුමාගේ අවධානය යොමුවුණා. ඒ සැලැස්ම ඉදිරිපත් කළේ ‘දේවේන්ද්ර මූලාචාරි’ විසින්. පස්සේ රජතුමා මේ සැලැස්මට අනුව කෙසෙල් කඳන් හා පතුරුවලින් තැනූ පත්තිරිප්පු ආකෘතියක්ද සකස් කරවාගෙන ඒක නිරීක්ෂණයකොට තිබෙනවා .ඒ ගැන පැහැදුණු රජතුමා ඊට අනුමැතිය දුන්නා. පත්තිරිප්පුව ඉදිවුනේ ඒ අනුවයි.
ඓතිහාසික ශ්රී දළදා මාලිගා පිවිසුමේදී මුලින්ම ඔබේ නෙත ගැටෙන මේ නිර්මාණශීලි පත්තිරිප්පුව සාදා නිමකර ඇත්තේ 1812දි. ඒ කියන්නේ අපේ රාජ්ය ඉංග්රීසීන් යටත් කරගන්න වසර තුනකට කලින්. රජතුමා මේ වගේ ගොඩනැගිල්ලක් ඉදිකළේ දළදා මාලිගාවේ කොටසක් හැටියට නොවේ. එය ඉදිකළේ මහ රජතුමාට වැසියන් ඉදිරියේ පෙනීසිටීම සඳහා ය. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණෙනවා. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසලම නිසා රජතුමාට මෙතැනට එන්න පහසුයි. රජතුමාට මහජනයා ඉදිරියේ පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹීමට, රජතුමාගේ විවේකාගාරය ලෙස, මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන් ආදී තරඟ නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමාව බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී නොයෙක් හේතු කාරණා මත පත්තිරිප්පුව නිර්මාණය වුණා.
රට වාසින්ට යම් හදිසි අවස්ථාවක් වුවහොත් යුක්තියේ ඝණ්ටාරයක් නාද කළාම එම ශබ්දය ඇසූ රජතුමා වහා ‘පත්තිරිප්පුවට’ පැමිණ හේතුකාරණා විමසා බලා යුක්තිය පසිඳ ලූ බවත් සදහන්.
මේ පත්තිරිප්පුව ඉදිකිරිමේදි දෙහිගම දියවඩන නිලමේතුමන් ලොකු මැදිහත්වීමක් කර තිබෙනවා. එතුමාගේ අදහසක් අනුව තමයි පත්තිරිප්පුව ඉදිවන්නේ. දේවේන්ද්ර මූලාචාරී නම් ගෘහ නිර්මාණ ශිල්පියා මේ සදහා “නා” ලී ලබාගෙන තිබෙන්නේ මාතලෙන්.
මෙය නිර්මාණය කළ දේවෙන්ද්ර මුලාචාරින් කීර්ති ශ්රී රාජසිංහ, රාජාධි රාජසිංහ හා ශ්රී වික්රම රාජසිංහ යන රජවරුන් යටතේ සේවය කළ අයෙක් බව සදහන් වෙනවා. ඔහු අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඔහු තමයි මඟුල් මඩුව හැදුවෙත්. තව නිර්මාණ රැසක් ඔහු කර තිබෙනවා. පත්තිරිප්පුව සඳහා නම ලැබී ඇත්තේ පාර්තු (බලනවා) + ඉරිප්පු (ඉඳගෙන) යන දමිල වදන් වලිනි.
කෙසේ වෙතත් ඉංග්රීසී සමයේ දී පත්තිරිප්පුව මහනුවර කච්චේරිය ලෙස භාවිත කොට තිබෙනවා. රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් මෙය කාර්යාලයක් ලෙස ද භාවිත කර තිබෙන බව සදහන්. පසුකාලිනව පත්තිරිප්පුව පුස්තකාලයක් ලෙසත් භාවිත වූණා.
අද ලෝකප්රකට මගුල්මඩුව, පත්තිරිප්පුව ආදී සුවිසල් නිර්මාණ කළ මේ අසහාය නිර්මාණ ශිල්පියාට උපහාර දක්වන්න ඔිනේ නිසා එදා ශ්රී වික්රම රාජසිංහ රජු විසින් ශිල්පියෙකුට ලබා දිය හැකි උසස්ම ගෞරවය වන රජුගේ නළල් පටිය දේවේන්ද්ර මූලාචාරී හට ලබා දී තිබෙනවා. නමුත් ඔහුගේ අවසානය ශෝක ජනකයි. ඔහු සම්බන්ධ විස්තරයක් තවත් සටහනකින් ඉදිරිපත් කරනවා. පත්තිරිප්පුව වීඩියෝව: t.ly/Ma9U
 
 
Today we are going to talk about an architectural attraction of the Temple of the Sacred Tooth Relic. Most of the time people use this as the symbol of Sri Dalada Maligawa. That is the Octagonal Pavilion or “Paththirippuwa” as we call it in Sinhala.
This pavilion was designed during the reign of King Sri Wickrama Rajasinghe of the Kandyan Kingdom. He called for the plan and design and lot of designers submitted their plans.
There was one plan & design which caught the eye of the young king. This was submitted by Devendra Moolachary. Later the king got a replica done using the bark of the banana tree. After inspection he really liked the design and then the Octagonal Pavilion was built.
The “Paththirippuwa” which is an architectural attraction at the entrance was built in 1812. That is 3 years before the English started ruling us. Paththirippuwa was built to be used by the king to address the people. It was an easy access as the kings palace was close by. Also for the king to watch the perahera, to watch sword fights and wrestling competitions were some of the reasons for building the Octagonal Pavilion.
If the countrymen face any emergencies then they would ring a huge bell called “Yukthiye Gantaraya” then the king would rush to the Paththirippuwa to solve the problem.
Dehigama Diyawadana Nilame played a major role in getting the Paththirippuwa in place and in fact it was actually his idea to get this done. Architect Devendra Moolachary got the required “Na” wood from Matale to built the Octagonal Pavilion.
Devendra Moolachary served King Keerthi Sri Rajasinghe, King Rajadhi Rajasinghe and also King Sri Wickrama Rajasinghe. He was an exceptionally talented architect who did a lot of architectural designs including the “Magul Maduwa ” or the Audience Hall. The name “Paththirippuwa” is derived from Tamil language, “Parthu” meaning ‘to see’ and “Iruppu’ meaning ‘seated’ and the combination meaning to sit and see something.
During the British ruling Paththirippuwa was used as “Kachcheri” or the District Secretariat and also as the office of Governor Robert Brownrigg. But later this was turned in to a library.
The great architect who designed the now world famous “Paththiruppuwa” or the Octagonal Pavilion and also the “Magul Maduwa ” or the Audience Hall was honoured by King Sri Wickrama Rajasinghe by giving his “Nalal Patiya” a head ormament worn ny the king made out of gold embedded with gems. This is believed to be the biggest honour a king can offer. Unfortunately Devendra Moolachary’s ending was very tragic, which we will bring to you in another one of our articles in future. | Video: t.ly/Ma9
 
සටහන ~ ධර්ම ශ්රි තිලකවර්ධන.
පරිවර්තනය | රධිකා නඩේසන්.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email